Tasmania ප්‍රාන්තයේ State Skilled Migration Program යටතේ 2026 සැප්තැම්බර් 17 වන දින පවත්වන ලද ආරාධනා වටයේදී Subclass 190 සහ Subclass 491 වීසා සඳහා ලියාපදිංචි වූ ROI අයදුම්කරුවන් වෙත නව ආරාධනා නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, Subclass 190 වීසා කාණ්ඩය යටතේ ආරාධනා 37ක් (Gold 7ක් සහ Green 30ක්) නිකුත් කර ඇති අතර, ඒ සඳහා වූ අවම ලකුණු මට්ටම ලකුණු 375ක්. Subclass 491 වීසා කාණ්ඩය යටතේ ආරාධනා 26ක් නිකුත් කර ඇති අතර, එහි අවම ලකුණු මට්ටම ලකුණු 72ක් ලෙස සටහන් වෙනවා.

දැනට Tasmania ප්‍රාන්තය සතුව Subclass 190 සඳහා නාමකරණ අවස්ථා 1,000ක් සහ Subclass 491 සඳහා අවස්ථා 713ක් ඉතිරිව පවතිනවා. පසුගිය මාස තුනක දත්ත අනුව, නාමකරණය ලබා ගැනීමට අවශ්‍ය වූ අවම ලකුණු සංඛ්‍යාව Subclass 190 සඳහා ලකුණු 504ක් සහ Subclass 491 සඳහා ලකුණු 83ක්.

අයදුම්කරුවන් ලබාදී ඇති ප්‍රමුඛතා තොරතුරු සත්‍යාපනය කරනු ලබන අතර, අසත්‍ය තොරතුරු ලබාදී කෘත්‍රිම ලෙස ලකුණු ඉහළ නංවාගෙන ඇති අයදුම්පත් සෘජුවම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරන බවයි බලධාරීන් අවධාරණය කරන්නේ.