අමාත්‍ය Tony Burke විසින් අද දින student, visitor, skilled සහ working holiday visa සඳහා තීරණාත්මක වෙනස්කම් රැසක් නිවේදනය කර තිබෙනවා. මින් බොහෝ වීසා අපේක්ෂකයින්ට දැඩි සෘජු බලපෑම් එල්ල වනු ඇති බවයි වාර්තා වන්නේ.
අද ප්‍රකාශයට පත් කළ එම නවතම නීති රීති වල ප්‍රධාන කරුණු මෙලෙස දැක්වුනා
Working Holiday Visa සඳහා නව Ballot ක්‍රමයක්
දෙවන සහ තෙවන වසර සඳහා වීසා අපේක්ෂා කරන Working Holiday Makers ලාට මින් දැඩි බලපෑමක් එල්ල වනවා. මින් ඉදිරියට මෙය ballot (ලොතරැයි) ක්‍රමයකට සිදු කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.
දෙවන Working Holiday Visa: වාර්ෂිකව ලබා දෙන්නේ අවස්ථා 45,000 ක් පමණයි (පසුගිය වසරේ මෙය 57,000ක් වුණා).
තෙවන Working Holiday Visa: වාර්ෂිකව අවස්ථා 5,000 දක්වා දැඩි ලෙස සීමා කර තිබෙනවා (පසුගිය වසරේ මෙය 31,000ක් වුණා).
ජාත්‍යන්තර සිසුන්ට සහ පවුලේ අයටත් මෙම වෙනස්කම් සමඟින් දැඩි සීමාවන් පැනවුනා.
Student visa අයදුම්කරුවන් සම්බන්ධයෙන්ද දැවැන්ත වෙනස්කම් කිහිපයක් අද නිවේදනය කෙරුණා.
"Visa hopping" නැවැත්වීම සඳහා, සිසුන් මින් ඉදිරියට පහළ මට්ටමේ පාඨමාලා වලට වඩා ඉහළ මට්ටමේ පාඨමාලා කරා අඛණ්ඩව යා යුතු බව රජය අවධාරණය කරනවා.
බොහෝ ජාත්‍යන්තර සිසුන්ට තම පවුලේ සාමාජිකයින්ව secondary visa applicants ලෙස Australia වට ගෙන්වා ගැනීමට මින් ඉදිරියට අවසර ලැබෙන්නේ නැහැ. (PhD වැනි විශේෂ පර්යේෂණ වැඩසටහන් වලට පමණක් විශේෂ සහන හිමිවේ).
Visitor Visa හරහා වෙනත් වීසා දැමීම අවසන්
අනාගතයේදී ලබාදෙන සියලුම visitor visa සඳහා "No Further Stay (Condition 8503)" කොන්දේසිය අනිවාර්යයෙන් ඇතුළත් කෙරෙනවා. එනම්, සංචාරක වීසා මත පැමිණෙන කිසිවෙකුට Australia වේ රැඳී සිටිමින් වෙනත් වීසා සඳහා අයදුම් කිරීමට (onshore visa applications) මින්පසු කිසිදු අවස්ථාව ලැබෙන්නේ නැහැ.
ඇතැම් අංශවලට වීසා ලබාගැනීම වේගවත් වෙයි
මෙම සීමා කිරීම් මධ්‍යයේ වුවද ඇතැම් අංශ සඳහා ශුභාරංචියක්ද ලැබී තිබෙනවා. ශ්‍රම හිඟය පියවීම සඳහා Ministerial Direction 119 යටතේ Construction, Agriculture, Fisheries සහ Teaching යන අංශවල අයදුම්කරුවන්ට priority processing හරහා ඉතා වේගවත්ව වීසා ලබාගැනීමේ අවස්ථාව හිමිවෙනවා.
සමස්තයක් ලෙස මෙමගින් තාවකාලික සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩු කිරීම රජයේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.



