ඕස්ට්‍රේලියාවේ Bridging Visas සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අතර පවතින වැරදි මතයක් වන්නේ සියලුම Bridging Visas සඳහා රැකියා කිරීමේ අයිතිය හිමිවන බවයි. නමුත් රැකියා අයිතිය ලැබෙන්නේ ඔබ සතුව පවතින Bridging Visa වර්ගය සහ ඊට අදාළ කොන්දේසි මත පදනම්වයි.
අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව වෙතින් ලබාදෙන Bridging Visas වල ප්‍රධාන වර්ග සහ ඒවායේ රැකියා අයිතීන් පහත පරිදි වේ:
Bridging Visa A (BVA): සාමාන්‍යයෙන් පෙර පැවැති වීසාවේ තිබූ රැකියා අයිතියම හිමිවන නමුත් එය ස්වයංක්‍රීයව සිදු නොවිය හැක. රැකියා අයිතිය නොමැති නම් ඒ සඳහා වෙනම ඉල්ලුම් කළ හැකියි.
Bridging Visa B (BVB): ප්‍රධාන වශයෙන් Australia වෙන් පිටව ගොස් නැවත පැමිණීමේ (travel permission) පහසුකම සඳහා ලබාදෙන අතර, රැකියා අයිතිය ලැබෙන්නේ වීසා කොන්දේසි මතය.
Bridging Visa C (BVC): ස්වයංක්‍රීයව රැකියා අයිතිය නොලැබෙන අතර, රැකියා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පූර්ව අවසරය (permission to work) ලබාගැනීමට ඉල්ලුම් කළ යුතුය.
Bridging Visa E (BVE): විශේෂ අවස්ථාවලදී ලබාදෙන බැවින් ඉතා සීමිත හෝ තදබල කොන්දේසි සහිතව රැකියා අයිතිය ලැබෙන අතර, ඇතැම් අයට රැකියා අයිතිය කිසිසේත්ම හිමිවන්නේ නැත.
එබැවින් රැකියාවක නිරත වීමට පෙර සියලුම වීසා බලපත්‍රලාභීන් VEVO (Visa Entitlement Verification Online) පද්ධතිය මගින් හෝ තමන්ගේ Visa Grant Letter එක පරීක්ෂා කර තමන්ට හිමි රැකියා අයිතීන් තහවුරු කරගත යුතු බවට උපදෙස් දෙනු ලැබේ.



