ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟ ආශ්රිත පහත් බිම් ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
අද දින නිකුත් කළ මෙම ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට මධ්‍යම රාත්‍රී 12.30 දක්වා බලපැවැත්වේ.
ඒ අනුව මහවැලි ගඟ ද්‍රෝණියට අයත් උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟඉහළ කෝරළය, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම් ප්‍රදේශවලට මෙම අනතුරු ඇඟවීම අදාළ වන බව සඳහන් වෙනවා.
එම ප්‍රදේශවල මහවැලි ගඟ ආශ්‍රිතව සහ පහත් බිම්වල ජීවත් වන ජනතාව අවධානයෙන් කටයුතු කරමින්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර සිටිනවා.
තවද, ඉදිරි දිනවලදීත් වැසි තත්ත්වය පැවතිය හැකි බැවින් ගංවතුර අවදානම පිළිබඳ නිකුත් කෙරෙන නිල නිවේදන පිළිබඳ සැලකිලිමත්ව සිටින ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටිනවා.



