AFL තරගාවලියේ Carlton Football Club හි තාවකාලික ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ Josh Fraser, 2027 වසර සහ ඊට ඉදිරියට කණ්ඩායමේ ස්ථිර ප්රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට එම සමාගම තීරණය කර තියෙනවා.
පසුගිය කාලයේ හිටපු පුහුණුකරු Michael Voss ඉවත් වීමෙන් පසු Carlton කණ්ඩායම තරග 9 කින් 1 ක් පමණක් ජයගෙන පසුබෑමක සිටි අතර, තාවකාලිකව පත් වූ Josh Fraser යටතේ පැවැති තරග 13 න් තරග 10 ක්ම ජයග්රහණය කරමින් කණ්ඩායම කෙළින්ම wildcard වටයට රැගෙන ඒමට ඔහු සමත් වුණා.
මේ සමඟින් Corey Enright සහ Jaymie Graham වැනි අනෙකුත් ප්රධාන තරගකරුවන් අභිබවා යමින්, දීර්ඝ කාලීන ගිවිසුමකට අත්සන් තැබීමට Josh Fraser සමත්ව සිටිනවා. මේ පිළිබඳ නිල නිවේදනය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කිරීමට නියමිතයි.



