ඕස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශ සංක්‍රමණය (Net Overseas Migration) 225,000 දක්වා අඩු කිරීමේ භාණ්ඩාගාර ඇස්තමේන්තුව, රජයේ නිල ඉලක්කයක් ලෙස පිළිගැනීමට ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke පියවර ගෙන තිබෙනවා.

එම ඉලක්කය අනිවාර්යයෙන්ම ඉටු කරන බවට ඔහු ප්‍රකාශ කළත්, මෙය Labor පක්ෂයට දේශපාලනික වශයෙන් විශාල අවදානමක් විය හැකි බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.

ඡන්දදායකයන් අතර සංක්‍රමණ සීමා කිරීම පිළිබඳ කතාබහක් පැවතියද, එමගින් Labor පක්ෂයට ලැබෙන දේශපාලන වාසිය අවම බව විචාරකයන් පවසනවා. Coalition සහ One Nation වැනි විපක්ෂ කණ්ඩායම් මීට වඩා අඩු සංක්‍රමණික සංඛ්‍යා පවත්වාගෙන යාමට පොරොන්දු වන පසුබිමක, Labor පක්ෂය මෙලෙස ඉලක්කයක් ලබාදීම හරහා තමන් විසින්ම අභියෝගයකට මුහුණ දී ඇති බවයි පැවසෙන්නේ.