ලියාපදිංචි නොවූ සහ ව්‍යාජ වීසා නියෝජිතයින් හරහා වීසා අයදුම්පත් සිය ගණනක් යොමුකිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිවීමත් සමඟ, ඊට සම්බන්ධ නියෝජිතයින්ට එරෙහිව ඕස්ට්‍රේලියානු රජය දැඩි නීතිමය පියවර ගනිමින් සිටිනවා.
ඕස්ට්‍රේලියාවේ වීසා නියෝජිතයින් අධීක්ෂණය කරන OMARA ආයතනය විසින් මේ වන විටත් ලියාපදිංචි නියෝජිතයින් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට සහ ලියාපදිංචිය අහෝසි කිරීමට පියවර ගෙන තිබෙනවා. මොවුන් තම ලියාපදිංචි අංක වෙනත් අයට ලබාදෙමින්, ලියාපදිංචි නොවූ පුද්ගලයින් ලවා නීති විරෝධී ලෙස වීසා උපදෙස් සහ සේවාවන් ලබාදී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
එමෙන්ම, ඇතැම් අවස්ථාවලදී වීසා අයදුම්පත් යොමු නොකර, යොමුකළ බවට පෙන්වීමට ව්‍යාජ ලේඛන සකස් කර පාරිභෝගිකයින් මුළාකර ඇති බවද විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.
ඕස්ට්‍රේලියානු රජය අවධාරණය කරන්නේ ඕස්ට්‍රේලියාව තුළ වීසා උපදෙස් ලබාදීමට නීතිමය බලතල ඇත්තේ ලියාපදිංචි නියෝජිතයින්ට සහ නීතිඥයින්ට පමණක් බවයි. එබැවින් යම් නියෝජිතයෙකුගේ සේවය ලබාගැනීමට පෙර, එම තැනැත්තා OMARA හි ලියාපදිංචි වී ඇත්දැයි පරීක්ෂා කර බලන ලෙසට රජය ජනතාවට උපදෙස් දෙනවා.



