මහර බන්ධනාගාරයේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් ඊයේ (01) හටගත් නොසන්සුන්තාව මේ වන විට පාලනය කර ඇති බව පොලීසිය පවසයි. සිද්ධියෙන් රැඳවියන් 7 දෙනෙකු තුවාල ලබා ඇති අතර එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකාය, යුධ හමුදාව සහ පොලීසිය යොදවා ඇති අතර ගුවන් නිරීක්ෂණද සිදුකර තිබෙනවා. මේ වනවිට සියලු රැඳවියන් ඔවුන්ගේ සිරමැදිරි වෙත යොමු කර ඇති බව පොලීසිය සඳහන් කරනවා. කෙසේවෙතත්, රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් තුනක් සඳහා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් බලාත්මක අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.