ඕස්ට්‍රේලියාව වෙත පැමිණ Protection Visa සඳහා අයදුම් කරන තාවකාලික විදේශිකයන්ගේ වැඩ කිරීමේ අයිතිය අහෝසි කිරීමට Albanese රජය සූදානම් වන බවට පැතිර යන වාර්තා සමගින් මහත් ආන්දෝලනයක් හටගෙන තිබෙනවා.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Tony Burke විසින් සංක්‍රමණිකයන් ප්‍රමාණය සීමා කිරීමේ පියවරක් ලෙස මෙය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවටයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, Anglicare Australia සහ Human Rights Law Centre ඇතුළු සංවිධාන 160 කට වැඩි සංඛ්‍යාවක් අග්‍රාමාත්‍ය Anthony Albanese වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ, මෙම තීරණය හේතුවෙන් සරණාගතයන් දැඩි අසරණභාවයට ලක්විය හැකි බවයි.

රැකියා අයිතිය අහෝසි කිරීමෙන් ඔවුන් නීති විරෝධී හෝ අනාරක්ෂිත රැකියාවල නිරත වීමට පෙළඹෙන බවත්, එමගින් ඔවුන් පරීක්ෂණ ක්‍රියාවලිය අවසන් වන තෙක් ජීවත් වීමට දැඩි ලෙස අපහසුතා විඳින බවත් එම සංවිධාන වැඩිදුරටත් අවධාරණය කරනවා.