මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි රාගම ග්‍රාම සේවා වසම් තුනක් වෙත ඊයේ දිනයේදී පොලිස් ඇඳිරි නීතිය පැනවූවා.
ඒ අනුව ඇඳිරි නීතිය පැනවීමට පියවර ගත්තේ කැන්දලියද්දපාළුව - බටහිර, කැන්දලියද්ද පාළුව - උතුර සහ දඹුව යන ග්‍රාමසේවා වසම් සඳහායි.
මේ වන විට පැවති තත්ත්වය පාලනය කර ඇති බැවින් පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමටයි තීරණය කර තිබෙන්නේ.


