අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව සහ අ.පො.ස. උසස් පෙළ විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට දින පැවැත්වෙනවා.

ඒ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්වීමට නියමිතයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග මෙහිදී සාකච්ඡා කරන බවයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පවසන්නේ අගෝස්තු 6, 7 සහ 8 දිනවලින් පසු වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇති අතර, විභාග ආරම්භ වන කාලය වනවිට පවතින කාලගුණ බලපෑම සැලකිය යුතු ලෙස පහව යනු ඇතැයි අපේක්ෂා කරන බවයි. එසේම ලබන 6 වනදායින් පසු පැසිෆික් මුහුදු කලාපයේ පවතින සුළි කුණාටු තත්ත්වයේ බලපෑම හේතුවෙන් මෙරටට යම් වර්ෂාපතන වැඩිවීමක් ඇතිවිය හැකි බව ද ඔහු පැවසුවා.