2026 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ නිවාඩු කාලසටහන සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, සිංහල හා දෙමළ පාසල්වල තෙවන වාරයේ පළමු අදියර හෙට 07 දිනයෙන් අවසන් වන අතර, මුස්ලිම් පාසල් සඳහා එය සැප්තැම්බර් 2 වනදා අවසන් වීමට නියමිතයි.
සියලුම පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර සැප්තැම්බර් 7 වන සඳුදා ආරම්භ වන අතර, 2026 පාසල් තෙවන වාරය දෙසැම්බර් 4 වනදා අවසන් වෙනවා.
මේ අතර, 2026 අ.පො.ස. උසස් පෙළ විභාගය අගෝස්තු 10 සිට සැප්තැම්බර් 5 දක්වා පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.



