ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික සීමාවන් දැඩි කිරීමට අදාළ විශේෂ යෝජනාවලියක් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබූ ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke ගේ National Press Club දේශනය හදිසියේම කල් දමා තිබෙනවා. ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට තිබූ මෙම කතාව කල් දැමීමට හේතුවක් රජය නිල වශයෙන් ප්‍රකාශ කර නැතත්, අභ්‍යන්තර මතභේද ඊට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
රට තුළට පැමිණෙන ශුද්ධ සංක්‍රමණිකයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩු කිරීම සඳහා Cabinet මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව Family visa සීමා කිරීම, පසුම්බි සංචාරකයින් සඳහා සීමාවන් පැනවීම සහ සරණාගත වීසා සදහා රැකියා හා අභියාචනා අයිතීන් සීමා කිරීම ඇතුළු පියවර කිහිපයක් ඊට ඇතුළත්.
පසුගිය කාලයේ සංක්‍රමණිකයින් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවීමත් සමඟ One Nation පක්ෂයෙන් සහ Coalition මගින් රජයට දැඩි චෝදනා එල්ල වුණා. මේ වන විට එම සංඛ්‍යාව 300,000 දක්වා අඩු වී තිබුණත්, එය තවදුරටත් පහත හෙළීමට අමාත්‍ය Tony Burke පියවර ගනිමින් සිටිනවා.
මීට පෙර, ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි Visa application ගාස්තු 24 % කින් ඉහළ නැංවීමටත්, Offshore අයදුම්කරුවන්ට වඩා Onshore අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව දීමටත් අමාත්‍යවරයා පියවර ගත්තා. එමෙන්ම Tourist visa මත රට තුළට පැමිණ Family visa සඳහා අයදුම් කිරීම තහනම් කිරීමටත්, Working holiday-makers ලා සඳහා Lottery ක්‍රමය ව්‍යාප්ත කිරීමටත් නව යෝජනාවලියෙන් බලාපොරොත්තු වෙනවා.
කෙසේ වෙතත්, මෙම නව සංක්‍රමණික ප්‍රතිපත්තියේ අවසාන තීරණ තවමත් ස්ථිර වී නොමැති අතර, Prime Minister Anthony Albanese බ්‍රහස්පතින්දා නිවාඩු නිමවා පැමිණීමෙන් පසු මේ පිළිබඳ ඉදිරි පියවර ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.



