ඕස්ට්‍රේලියානු සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්යවන Tony Burke පසුගියදා National Press Club අමතමින් සිදුකළ ප්‍රකාශයත් සමඟ, රටට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව වහාම සීමා කළ යුතු බවට රජය සහ විපක්ෂය අතර දැඩි එකඟතාවයක් නිර්මාණය වී තිබෙනවා.
නමුත් ඕස්ට්‍රේලියාව තුළ දැනට පවතින නිවාස අර්බුදයට, බඩු මිල ඉහළ යාමට හෝ වැටුප් වර්ධනය නොවීම යන ප්‍රශ්නවලට සංක්‍රමණිකයන් වගකිව යුතු නැති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ වැරදි බදු සහන සහ ආයෝජන ප්‍රතිපත්ති නිසා නිවාස මිල ගණන් ඉහළ ගිය අතර, Coles සහ Woolworths වැනි සුපිරි වෙළඳසැල් ඒකාධිකාරය නිසා ජීවන වියදම අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා.
සැබෑ ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් ජනතාවට සහන සැලසීම වෙනුවට, රජය විසින් international students සහ temporary visa හිමියන්ට නව සීමාවන් පනවමින් සියලු ආර්ථික ප්රශ්නවල වගකීම සංක්‍රමණිකයන් පිට පටවමින් සිටින බවට ප්‍රබල චෝදනාවක් එල්ල වෙනවා.



