Victoria ප්‍රාන්තයේ 2026 ප්‍රාන්ත මැතිවරණය ලබන නොවැම්බර් 28 වනදා පැවැත්වීමට නියමිත අතර, එය ප්‍රාන්ත ඉතිහාසයේ තීරණාත්මක මැතිවරණයක් වනු ඇති බවයි වාර්තා වන්නේ. මෙවර මැතිවරණයේදී Victoria හි ඡන්දදායකයින් මිලියන 4.7 කට ආසන්න සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි.

මේ අතර ඡන්දදායකයින්ට බලපාන ප්‍රධාන ගැටලු පිළිබඳව ජනතාවගේ අදහස් විමසීමට ඕස්ට්‍රේලියානු මාධ්‍ය කටයුතු යොදා තිබෙනවා. පසුගිය කාල සීමාව තුළ ජනතාවගෙන් ලැබුණු අදහස්වලට අනුව ජීවන වියදම, නිවාස මිලදී ගැනීමේ හැකියාව, අපරාධ, ප්‍රාදේශීය මාර්ග, සෞඛ්‍ය සේවා, රැකියා සහ යටිතල පහසුකම් පිළිබඳව වැඩි අවධානයක් යොමුවී ඇති බවයි පැවසෙන්නේ.

තම ප්‍රදේශයේ විසඳිය යුතු ගැටලු, නව අදහස් මෙන්ම දේශපාලන අධිකාරිය වෙත ලබාදිය යුතු පණිවිඩ සහ මැතිවරණ සම්බන්ධයෙන් අපේක්ෂකයින්ගෙන් විමසීමට ඇති ප්‍රශ්න ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත යොමුකිරීමට ජනතාවට අවස්ථාව හිමිවනවා. ලබාදෙන සියලුම පෞද්ගලික තොරතුරු දැඩි රහස්‍යභාවයකින් සුරක්ෂිතව තබාගන්නා බවයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.