2025–26 මුදල් වර්ෂය සඳහා වන Tax Returns ලබාදීමේ අවසාන දිනය ආසන්න වෙමින් පවතින බව Australian Taxation Office ආයතනය දැනුම් දෙනවා. සාමාන්‍යයෙන් ඔක්තෝබර් 31 වනදා අවසන් දිනය වුවද, මෙවර එම දිනය සෙනසුරාදා දිනකට යෙදී ඇති බැවින්, Tax Returns භාරදීමේ අවසාන දිනය ලෙස නොවැම්බර් 2 වන සඳුදා දින නියම කර තිබෙනවා.
කෙසේ වෙතත්, බදු නියෝජිතයෙකු මාර්ගයෙන් බදු වාර්තා යොමු කරන්නේ නම්, නොවැම්බර් 2 දිනට පසුව වුවද ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන නමුත්, ඊට පෙර එනම් ඔක්තෝබර් 31 දිනට ප්‍රථම අදාළ නියෝජිතයෙකු හමුවී ලියාපදිංචි විය යුතු වනවා. ප්‍රමාද වී බදු වාර්තා ඉදිරියට යොමු කරන පුද්ගලයින් සඳහා දඩ මුදල් අය කිරීමට අවස්ථාව තිබුණද, සාධාරණ හේතූන් මත සිදුවන ප්‍රමාදයන් සඳහා සහනයක් ලබාදීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය කටයුතු කරනු ලබනවා.
එමෙන්ම මෙවර ලැබෙන Tax Refund මුදල බලාපොරොත්තු වූවාට වඩා අඩුවීමට හෝ කිසිසේත්ම නොලැබී යාමට කරුණු කිහිපයක් බලපා තිබෙනවා. මීට පෙර පැවැති අඩු සහ මධ්‍යම ආදායම්ලාභීන් සඳහා වූ බදු සහනය අවසන් වී තිබීම සහ බදු සහන සඳහා හිමිකම් කීමේදී සිදුවන වැරදි ඊට ප්‍රධාන හේතු වී තිබෙනවා. එමෙන්ම රැකියා කිහිපයක නිරත වීම, HELP/HECS වැනි ශිෂ්‍ය ණය සහ Medicare අමතර බදු ගාස්තුව වැනි කරුණු හේතුවෙන්ද බදු මුදල් වෙනස් විය හැකියි.



