ඕස්ට්‍රේලියාවේ Skilled Independent (subclass 189) වීසා බලපත්‍රයට අදාළ මීළඟ අයදුම්පත් සඳහා ආරාධනා නිකුත් කිරීමේ වටය පැවැත්වෙන කාලරාමුව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංශෝධනය කර තිබෙනවා.

 

මීට පෙර සැප්තැම්බර් 30 වනදාට පෙර පැවැත්වීමට අපේක්ෂා කළ ආරාධනා වටය එදිනට පැවැත්වීමට නොහැකි වී තිබෙනවා. ඒ අනුව, නව කාලරාමුවට අනුව මීළඟ ආරාධනා වටය 2026 ඔක්තෝබර් 31 වනදාට පෙර පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

මේ අනුව, SkillSelect පද්ධතිය ඔස්සේ අයදුම් කිරීමේ කැමැත්ත පළ කර ඇති අයදුම්කරුවන්ට, තම තොරතුරු සහ හිමිකම් කියන ලකුණු නිවැරදිව යාවත්කාලීන කර තබාගන්නා ලෙසත්, SkillSelect ගිණුම පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙසත් බලධාරීන් උපදෙස් දෙනවා.