වසර 22 කට පසුව ඉන්දියාවේදී ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීමේ අරමුණින් 2027 වසරේ පැවැත්වෙන තරග 5 කින් යුත් ඉන්දීය ටෙස්ට් සංචාරයට පෙර කිසිදු පෙර පුහුණු තරගයකට එක් නොවීමට ඕස්ට්‍රේලියාවේ කණ්ඩායම තීරණය කර තිබෙනවා. ප්‍රධාන පුහුණුකරු Andrew McDonald සඳහන් කළේ පුහුණු තරග වෙනුවට විශේෂිත පුහුණු කඳවුරක් පැවැත්වීමට පියවර ගන්නා බවයි.
2023 ඉන්දීය සංචාරයේදී ද ඕස්ට්‍රේලියා කණ්ඩායම පුහුණු තරගවලට එක් නොවී Bengaluru හිදී විශේෂිත කඳවුරකට එක්වූ අතර, එහිදී ඉන්දියාව 2-1 ක් ලෙස තරගාවලිය ජය ගනිමින් Border-Gavaskar කුසලාන රඳවා ගැනීමට සමත් වුණා.
ලබන වසරේ ජනවාරි 21 වනදා Nagpur හිදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට පෙර ඉන්දීය තරග කොන්දේසිවලට හුරුවීම සඳහා UAE හි හෝ Bengaluru හි පුහුණු කඳවුරක් පැවැත්වීමට අවධානය යොමු කර ඇති බවයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
ඕස්ට්‍රේලියා කණ්ඩායම 2004 වසරෙන් පසුව ඉන්දියාවේදී ටෙස්ට් තරගාවලි ජයක් ලබාගෙන නැහැ. එළඹෙන ඉන්දීය සංචාරයට පෙර ඕස්ට්‍රේලියා කණ්ඩායමට Darwin හිදී Bangladesh පිලට එරෙහිව ද, South Africa සහ New Zealand කණ්ඩායම්වලට එරෙහිව ද දැඩි තරග කාලසටහනකට මුහුණ දීමට සිදු වෙනවා.
මේ අතර Brisbane හිදී පැවැති පුහුණුවීම් අතරතුර ඇතිවූ කෙණ්ඩ පෙරලීමේ ආබාධයක් හේතුවෙන් වේගපන්දු යවන ක්‍රීඩක Michael Neser තරගාවලියෙන් ඉවත් කර ඇති නමුත්, කොන්දේ ආබාධයකින් පසුවූ Josh Inglis නැවත කණ්ඩායමට එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.



