Adelaide Crows කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභී ක්‍රීඩකයෙකු වන Taylor Walker සිය AFL ක්‍රීඩා දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

36 හැවිරිදි මෙම හිටපු නායකයා අද දිනයේ සිය සෙසු ක්‍රීඩකයන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරියේදී පැවැත්වෙන finals තරගාවලියෙන් අනතුරුව තමන් ක්‍රීඩාවෙන් ඉවත් වන බවයි. Adelaide Crows කණ්ඩායම වෙනුවෙන් වි විශිෂ්ට සේවාවක් ඉටුකළ Walker, ගෝල 700ක් රැස් කරමින් එම කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා ලෙසද වාර්තා අතරට එක්ව සිටිනවා.

සිය සමුගැනීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, Broken Hill හි සිට පැමිණි තමාට මෙම කණ්ඩායම නියෝජනය කිරීමට ලැබීම පිළිබඳව ඉතා ආඩම්බර වන බවත්, තමන්ට සහය දුන් සියලුම ක්‍රීඩකයන්ට සහ රසිකයන්ට සිය ස්තූතිය පිරිනමන බවත්ය.