Hawthorn AFL කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Sam Mitchell සඳහා තවත් වසර 3ක නව ගිවිසුම් දීර්ඝ කිරීමක් ලබා දීමට Hawthorn ක්‍රීඩා සමාජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 2030 වසර අවසානය දක්වා ඔහු Dingley හි රැඳී සිටිනු ඇති.

මීට පෙර 2027 දක්වා ගිවිසුම්ගතව සිටි 43 හැවිරිදි Sam Mitchell, මෙම නව ගිවිසුම සමඟින් AFL ලීගයේ ප්‍රධාන පුහුණුකරුවන් 18 දෙනා අතුරින් දීර්ඝතම ගිවිසුම හිමි පුහුණුකරු බවටද පත්වනවා.

Hawthorn කණ්ඩායම මෙහෙයවමින් තරග 111කින් ජයග්‍රහණ 58ක් ලබා ගැනීමට සමත්වූ Sam Mitchell ගේ මෙම නව ගිවිසුමේ වටිනාකම ඩොලර් මිලියන 3කට අධික බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ නිල දැනුම්දීම ඉදිරි දින කිහිපය තුළ සිදු කිරීමට Hawthorn පාලනාධිකාරිය සූදානමින් සිටිනවා.