Pan Pacific ශූරතාවලිය ආරම්භ වීමට පෙර ඕස්ට්‍රේලියාව, ඇමරිකාවට ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදු කර තිබුණත්, Mollie O’Callaghan නොමැතිව එම තරගාවලියට මුහුණ දීමට ඔවුන්ට සිදුවන බව වාර්තා වෙනවා.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ඕස්ට්‍රේලියාව නියෝජනය කළ 22 හැවිරිදි Mollie O’Callaghan, තමන්ට පවතින කොන්දේ ආබාධයක් හේතුවෙන් ඉදිරි තරගාවලියට සහභාගී නොවීමට ඉඩ ඇති බව මේ සතිය මුලදී ඉඟි කර තිබුණා.
Sydney Morning Herald පුවත්පතේ වාර්තාකරු Tom Decent සඳහන් කරන්නේ, ඇය මේ වන විට තරගාවලියෙන් නිල වශයෙන් ඉවත් වී ඇති බවයි.
Glasgow හි පැවැති තරගවලට පෙර සිටම පැවැති උරහිසේ ආබාධය සහ කොන්දේ අස්ථිවල හටගත් stress fractures තත්ත්වය හමුවේ, ඇයට තරග කිරීමට හැකි වේදැයි වෛද්‍යවරුන් පවා අවිනිශ්චිතතාවයෙන් පසුවුණා. එසේ තිබියදීත් ඇය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සාර්ථකව මුහුණ දුන්නා.
එමෙන්ම Pan Pacific ශූරතාවලිය මඟහැරෙන එකම ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාව Mollie O’Callaghan පමණක් නොවන අතර Kyle Chalmers, Flynn Southam, Matt Temple සහ Shayna Jack වැනි ප්‍රමුඛ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක්ද විවිධ හේතු මත මෙවර තරගාවලියට සහභාගී වන්නේ නැහැ.
රිලේ ඉසව්වලින් රන් පදක්කම් දෙකක් දිනාගත් Kyle Chalmers, යුරෝපීය ශූරතාවලියට සහභාගී වන තම බිරිඳ වන නෝර්වේ පිහිනුම් ක්‍රීඩිකා Ingeborg Løyning ට සහාය වීම සඳහා පිටත්ව යාමට නියමිත අතර, Shayna Jack සිය පිහිනුම් ක්‍රීඩා දිවියෙන් නිල වශයෙන් විශ්‍රාම ගෙන තිබෙනවා.
මීටර් 50 freestyle ඉසව්වේ පොදුරාජ්‍ය මණ්ඩලීය ශූරයා වන Cameron McEvoy ද Glasgow හි පැවැති තරග කෙරෙහි අවධානය යොමු කිරීමේ තීරණය නිසා Pan Pacs තරගාවලියට සහභාගී වන්නේ නැහැ. මේ අතර, ඕස්ට්‍රේලියානු backstroke පිහිනුම් තරුව වන Kaylee McKeown හට glandular fever රෝගී තත්ත්වය හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත තරගාවලියෙන් ඉවත් වීමට සිදුවී තිබෙනවා.
Ariarne Titmus සහ Emma McKeon ගේ විශ්‍රාම යෑමත් සමඟ කණ්ඩායම තුළ විශාල හිඩැසක් නිර්මාණය වුවත්, ලෝක වේදිකාව හමුවේ ඕස්ට්‍රේලියානු පිහිනුම් ක්‍රීඩාවේ මීළඟ පරම්පරාව සිය දක්ෂතා මැනවින් තහවුරු කර හමාරයි.
2028 LA ඔලිම්පික් උළෙලට පෙර ඕස්ට්‍රේලියාවේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුහුණ දීමට තිබූ ප්‍රධානතම පරීක්ෂණයක් ලෙසයි Glasgow හි පැවැති තරගාවලිය හැඳින්වෙන්නේ.
එහිදී අතිශය දක්ෂතා දැක්වූ ඕස්ට්‍රේලියානු පිහිනුම් කණ්ඩායම, සියලුම relay ඉසව් ජයග්‍රහණය කරමින් වාර්තාගත රන් පදක්කම් 37ක් දිනා ගැනීමට සමත් වුණා.
මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු පිහිනුම් කණ්ඩායමේ දිගුකාලීන අනුග්‍රාහකාවක වන ඛනිජ සම්පත් ක්ෂේත්‍රයේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකා Gina Rinehart, පදක්කම්ලාභීන් වෙනුවෙන් ඩොලර් මිලියන 1.2ක ත්‍යාග මුදලක් පිරිනමා තිබෙනවා. රන් පදක්කම් හයක් දිනාගත් Meg Harris හට ඩොලර් 60,000ක විශාලතම ත්‍යාග මුදල හිමි වෙනවා.
පිරිමි ඉසව්වලදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ Flynn Southam, මීටර් 100 freestyle ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ එම ඉසව්වේ දිගුකාලීන ආධිපත්‍යය දැරූ Kyle Chalmers පරාජයට පත්කරමින්. එමෙන්ම මීටර් 50 butterfly ඉසව්වේදී Ben Armbruster, Kyle Chalmers සමඟ එකම වේලාවකින් තරගය නිම කරමින් රන් පදක්කම බෙදා ගැනීමට සමත් වුණා. තවත් කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වූ Kai Taylor, මීටර් 200 freestyle ඉසව්වේ lane one සිට තරග කරමින් විශිෂ්ට ලෙස රන් පදක්කම දිනාගත්තා.
Glasgow හිදී ඕස්ට්‍රේලියාව විශිෂ්ට ජයග්‍රහණ ලබා ගත්තද, Pan Pacific ශූරතාවලියේදී අපේක්ෂිත මට්ටමේ තරගකාරීත්වයක් එහිදී දක්නට ලැබුණේ නැහැ. එළඹෙන Pan Pacs හිදී ඇමරිකාව සහ ඕස්ට්‍රේලියානු Dolphins කණ්ඩායම අතර දැඩි තරගකාරීත්වයක් නිර්මාණය වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
ඇමරිකානු කණ්ඩායමේ සහායෝගීත්වයත් සමඟ Pan Pacific ශූරතාවලියේදී ජයග්‍රාහී වේදිකාවේ ඉහළටම පැමිණීම ඕස්ට්‍රේලියාවට වඩාත් අභියෝගාත්මක වනු ඇති.Pan Pacific ශූරතාවලිය අගෝස්තු 12 වන දින ආරම්භ වීමට නියමිතයි.
