Sydney හි south-west ප්‍රදේශයේ Padstow හි සිදුකළ වැටලීමකදී ඩොලර් මිලියන 1.7 ක් වටිනා ගංජා තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් Taskforce Falcon සහ Raptor Squad නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ පරීක්ෂණයකට අනුව, Milperra හි Henry Lawson Drive ප්‍රදේශයේදී රථයක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා. එහි තිබී Cannabis  15kg ක් සහ මුදලින් ඩොලර් 2,300 ක් සොයාගෙන ඇති අතර, ඊට සම්බන්ධ 42 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව Padstow හි නිවසක් සෝදිසි කර තවත් Cannabis  72kg ක් සොයාගත් අතර, ඊට අදාළව 30 හැවිරිදි තවත් අයෙකු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා ගොනුකර Bankstown ප්‍රාදේශීය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා තිබෙනවා.