නිෂ්පාදන ගැටලු කිහිපයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ බහුලව භාවිත වන Cardizem CD 360mg සහ Vasocardol CD 360mg යන හෘද රෝග ඖෂධ කාණ්ඩ දෙකම වෙළඳපොළෙන් ඉවත් කිරීමට Therapeutic Goods Administration (TGA) ආයතනය තීරණය කර තිබෙනවා.

අධික රුධිර පීඩනය සහ පපුවේ කැක්කුම (Angina) සඳහා ලබාදෙන Cardizem CD 360mg ඖෂධය පසුගිය ජූනි මාසයේ සිටම වෙළඳපොළේ හිඟව පැවැති අතර, Vasocardol CD 360mg ඖෂධය නොවැම්බර් 1 වනදා සිට සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය නතර කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, රෝගීන්ට සිදුවන අපහසුතාව මඟහැරීම සඳහා TGA ආයතනය මගින් විශේෂ නීතිමය අවසරයක් ලබාදී තිබෙනවා. ඒ අනුව ඉදිරි මාස 12 ක කාලය තුළ අලුතින් වෛද්‍ය නිර්දේශය ලබාගැනීමකින් තොරවම, පැවැති 360mg පෙත්ත වෙනුවට 180mg පෙති දෙක බැගින් ලබාදීමට ඖෂධවේදීන්ට හැකියාව පවතිනවා. එමෙන්ම Diltiazem හි 180mg සහ 240mg මාත්‍රාවන් හිඟයකින් තොරව ලබාගත හැකි අතර, ඉදිරි ප්‍රතිකාර සංශෝධනය කරගැනීමට අදාළ වෛද්‍යවරයා හමුවන ලෙසයි රෝගීන්ට උපදෙස් දෙන්නේ.