ඕස්ට්‍රේලියාවේ කාඩ්පත් මගින් මුදල් ගෙවීමේදී අමතර ගාස්තු අය කිරීම තහනම් කිරීමට රජය පියවර ගැනීමත් සමග, ඊට එරෙහිව මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් දැඩි විරෝධයක් පළ කර සිටිනවා.
නව නීති මගින් පාරිභෝගිකයින්ගෙන් සෘජුවම කාඩ්පත් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම තහනම් කර තිබුණද, බැංකු සහ මුදල් ගෙවීම් පද්ධති මගින් ව්‍යාපාරිකයින්ගෙන් අය කරන පදනම් ගාස්තු තවදුරටත් සක්‍රීයව පැවතීම ඊට ප්‍රධාන හේතුවයි. එම අමතර පිරිවැය තමන්ට තනිව දැරීමට නොහැකි බැවින්, භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ නැංවීමට හෝ මුදලින් ගෙවීම් කරන පාරිභෝගිකයින්ට වට්ටම් ලබාදීමට තමන්ට සිදුවන බවයි ව්‍යාපාරිකයින් පවසන්නේ.
මෙම තහනම හරහා බැංකු මගින් අය කරන ගාස්තු නතර වී නොමැති අතර, එහි සමස්ත බලපෑම අවසානයේ නැවතත් පාරිභෝගිකයා මතම පැටවෙන බව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. එමෙන්ම මෙවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පෙර ව්‍යාපාරිකයින් සමග නිසි සාකච්ඡාවක් සිදු නොකිරීම සම්බන්ධයෙන්ද ඔවුන් රජයට සිය අප්‍රසාදය පළ කර සිටිනවා.



