Frontier Artificial Intelligence හෙවත් අතිනවීන කෘතිම බුද්ධි මාදිලි මගින් එල්ලවන සයිබර් අවදානම් හමුවේ මුහුණදීමට ඕස්ට්‍රේලියාව සතුව විශේෂ තාක්ෂණික හැකියාවක් පවතින බව මෙරට සයිබර් ආරක්ෂක ප්‍රධානී Abigail Bradshaw සඳහන් කරනවා.

Australian Signals Directorate ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සඳහන් කළේ Five Eyes බුද්ධි තොරතුරු සන්ධානය හරහා OpenAI, Anthropic සහ Google DeepMind වැනි ප්‍රමුඛ AI සමාගම්වල අත්හදා බලන අතිනවීන AI මාදිලි වෙත ප්‍රවේශ වීමට ඕස්ට්‍රේලියාවේ සයිබර් ආරක්ෂක කණ්ඩායම්වලට අවස්ථාව හිමිව ඇති බවයි.

මෑතකදී OpenAI ආයතනයේ මාදිලියක් මගින් ඕස්ට්‍රේලියාවේ Medicare දත්ත පද්ධතියට සිදුවූ බලපෑම සම්බන්ධයෙන් එම සමාගම නිල වශයෙන් කණගාටුව පළ කර ඇති අතර, මෙවැනි සයිබර් තර්ජනවලින් අනෙකුත් රටවල් ආරක්ෂා කරගැනීමටද ඕස්ට්‍රේලියාවසහාය විය යුතු බවයි ඇය වැඩිදුරටත් පවසන්නේ.