ඕස්ට්‍රේලියාවේ Superannuation අරමුදල් 45ක් අතුරින්, විශ්‍රාමිකයන් වෙනුවෙන් ඉහළම මට්ටමේ සහයක් සහ සේවාවක් ලබාදෙන අරමුදල් 8ක් සඳහා 2026 Epic Retirement Tick ඇගයීම හිමිව තිබෙනවා.
Chant West පර්යේෂණ ආයතනයේ දත්ත පදනම් කරගනිමින් සිදුකළ මෙම ඇගයීමට අනුව AMP Super, ART-Super Savings, Aware Super, Brighter Super, Colonial First State - FirstChoice, Hostplus, UniSuper සහ Vision Super යන ආයතන මෙලෙස විශිෂ්ඨතම සේවා සපයන අරමුදල් ලෙස තේරී පත්ව තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 60ත් 64ත් අතර පසුවන්නන්ගේ මධ්‍යන්‍ය Superannuation ශේෂය ඩොලර් 200,000ක් වැනි අඩු මට්ටමක පැවතීම හේතුවෙන්, විශ්‍රාමිකයන්ට සිය මුදල් කළමනාකරණය කරගැනීමට මෙවැනි අරමුදල්වලින් ලැබෙන උපදෙස් සහ සේවාවන් ඉතා වැදගත් වන බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.



