ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා අවභාවිතය වැළැක්වීම සඳහා හඳුන්වා දුන් නව නීතිරීති ක්‍රියාත්මක වීමත් සමඟ, පාඨමාලා මාරු කිරීමට අපේක්ෂා කරන ජාත්‍යන්තර සිසුන්ට අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවන බව දැනුම් දී තිබෙනවා.
නව රීතිවලට අනුව, වෙනත් අධ්‍යාපන ආයතනයකට මාරුවීම සඳහා සිසුන් ලබන වසරේ සිට ඩොලර් 2,000කට වැඩි මුදලක් ගෙවා නව වීසා ලබාගත යුතු වනවා. එමෙන්ම Tourist, Working Holidaymaker හෝ Training වීසා මගින් ඕස්ට්‍රේලියාවවෙත පැමිණ පසුව ශිෂ්‍ය වීසා ලබාගැනීමේ හැකියාවද සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබෙනවා.
මීට අමතරව, PhD සිසුන් සහ රජයේ ශිෂ්‍යත්ව ලාභීන් වැනි සුවිශේෂී කාණ්ඩවලට හැර, ශිෂ්‍ය වීසා හිමියන්ට තමන්ගේ පවුලේ සාමාජිකයන් ගෙන්නවා ගැනීමට පනවා තිබූ බාධා තවදුරටත් දැඩි කර ඇති අතර, නව රෙගුලාසි මගින් Skilled Migration වැඩසටහන යටතේ සෞඛ්‍ය, ඉදි කිරීම් සහ අධ්‍යාපන වැනි ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාව ලබාදීමටද පියවර ගෙන තිබෙනවා.



