මෙහි කේන්ද්‍රය South Gippsland Shire හි Leongatha වලට ආසන්නව වයඹ දෙසින් පිහිටා ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. භූමිකම්පාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වී ඇත්තේ Leongatha සිට කිලෝමීටර් 10 ක් පමණ දුරින් සහ නගරයේ සිට කිලෝමීටර් 130 ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටි Arawata නම් කුඩා නගරයයි.

තමන්ට කම්පනය දැනුණු බව තහවුරු කරමින් ජනතාවගෙන් සිය වෙබ් අඩවිය වෙත වාර්තා 15,000 ක් පමණ ලැබී ඇති බවත්, එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බවත් Geosciences Australia ආයතනය පවසනවා.

මෙම සිදුවීමට අදාළව එම ආයතනය නිකුත් කළ “shake map” සටහනට අනුව, සමස්ත Melbourne නගරයෙන්ම මෙන්ම, නැගෙනහිර දෙසින් Traralgon දක්වාත්, උතුරු දෙසින් Mansfield දක්වාත්, බටහිර දෙසින් Geelong සහ Torquay දක්වාත් මෙම කම්පනය දැනී ඇති බවට වාර්තා ලැබී තිබෙනවා.

යම් හදිසි සහයක් අවශ්‍ය වේ නම් 132 500 අංකය අමතන ලෙස Victorian State Emergency Service ජනතාවට දැනුම් දී සිටිනවා.

කෙසේ වෙතත්, මේ හේතුවෙන් සිදුවූ පුද්ගල හානි පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.