Coalition පක්ෂය විසින් මෙරට තාවකාලික සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය වසර හතරක් ඇතුළත 650,000කින් පමණ දැඩි ලෙස සීමා කිරීමේ දැවැන්ත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
විපක්ෂ නායක Angus Taylor සඳහන් කළේ, මෙය ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ සංක්‍රමණිකයින් සඳහා සිදුකෙරෙන විශාලතම කප්පාදුව වන බවයි. මෙම නව සැලැස්ම යටතේ Student Visas සීමා කිරීම, Humanitarian Visas අඩකින් අඩු කිරීම සහ Bridging Visa ප්‍රමාණය 414,000 සිට 20,000 දක්වා අතිවිශාල ලෙස සීමා කිරීමට සැලසුම් කර තිබෙනවා.
"ඕස්ට්‍රේලියාව නිවසක් මිස හෝටලයක් නොවේ" යනුවෙන් අවධාරණය කළ විපක්ෂ නායකවරයා, අනාගතයේදී ඉදිකිරීම් සහ සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර සඳහා අධි-නිපුණතාවයෙන් යුත් වෘත්තිකයින්ට පමණක් ප්‍රමුඛතාව ලබාදෙන බව සඳහන් කළා. One Nation පක්ෂය සහ Labor රජය ද සංක්‍රමණික සීමා පනවා ඇති පසුබිමක Coalition විපක්ෂයෙන් ඉදිරිපත් වූ මෙම නව යෝජනාව මෙරට දේශපාලනයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.



