ඕස්ට්‍රේලියානු රජය විසින් හඳුන්වා දී ඇති නව Visa නීති හේතුවෙන් මෙරට වෙසෙන සංක්‍රමණිකයින්ට තම වයෝවෘද්ධ දෙමාපියන් රැකබලා ගැනීමට නොහැකිව දැඩි අර්බුදයකට මුහුණ පෑමට සිදුව තිබෙනවා.

නව නීතිවලට අනුව Visitor Visa මගින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන දෙමාපියන්ට මෙරට සිටියදීම Parent Visa සඳහා ඉල්ලුම් කිරීමට හෝ Bridging Visa මගින් දීර්ඝ කාලයක් රැඳී සිටීමට ඇති හැකියාව අහෝසි කර තිබෙනවා. මෙයින් පවුල් රැසක් වෙන් වී ඇති අතර, ඇතැම් පිරිස්වලට වසර 18 සිට 42 දක්වා කාලයක් Visa අනුමත වන තෙක් බලපොරොත්තු රහිතව බලා සිටීමට සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි කරගත් වෘත්තිකයින් රැසක් තම වයෝවෘද්ධ දෙමාපියන් වෙනුවෙන් නැවතත් සිය මව් රටවල් වෙත යාමට පවා තීරණය කරමින් සිටිනවා.