අනාගතයේදී ඕස්ට්‍රේලියානුවන් තමන්ගේ නිවෙස්වලින් සහ බලශක්ති භාවිතයෙන් අපේක්ෂා කරන්නේ මොනවාද යන්න පිළිබඳව Monash University මගින් වසර 3 ක් පුරා සිදුකළ පර්යේෂණයක තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මෙම පර්යේෂණයට අනුව, Working from Home නැතහොත් නිවසේ සිට රැකියාව කරන පිරිස ඉහළ යාම නිසා අනාගත නිවෙස් සඳහා වෙනම කාමර හෝ පහසුවෙන් වෙනස් කළ හැකි බහුකාර්ය පරිශ්‍ර කෙරෙහි වැඩි ඉල්ලුමක් පවතින බව සඳහන්. එමෙන්ම, Electric Vehicles (EV) සහ Solar Power භාවිතය වේගයෙන් වැඩිවුවද, අධික පිරිවැය නිසා අඩු සහ මධ්‍යම ආදායම්ලාභීන් ඒ සඳහා යොමුවීමට පසුබට වන බවත්, අනාගතයේදී සහනදායී බලශක්ති ගාස්තු ලබාගැනීම ජනතාවගේ ප්‍රධාන බලාපොරොත්තුවක් වී ඇති බවත් මෙම පර්යේෂණය මගින් පෙන්වා දෙනවා.



