ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යාවත්කාලීන කිරීමේදී රාජ්‍ය වියදම් සීමා කිරීමේ විශේෂ යෝජනාවලියක් ඇතුළත් කරන බව ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාර අමාත්‍ය Jim Chalmers මහතා පවසනවා.

ගෝලීය වශයෙන් එල්ලවන ආර්ථික බලපෑම් සහ උද්ධමනය පාලනය කිරීම සඳහා මෙලෙස රාජ්‍ය වියදම් සීමා කිරීමට පියවර ගන්නා බවත්, එමගින් ජනතාවට තවදුරටත් ජීවන වියදම් සහන ලබාදීමේ ඉඩකඩ සීමා වන බවත් ඔහු සඳහන් කළා. එසේම, ගෝලීය ණය පොලී අනුපාතික ඉහළ යාම නිසා ඔස්ට්‍රේලියානු රජයේ ණය වාරික ගෙවීමේ පිරිවැය ඉදිරියේදී ඩොලර් බිලියන ගණනකින් ඉහළ යනු ඇති බවටයි ඒ මහතා වැඩිදුරටත් අනතුරු අඟවන්නේ.

කෙසේ වෙතත්, වත්මන් රජයේ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති නිසා උද්ධමනය තවත් ඉහළ ගොස් ඇති බවට චෝදනා කරන විපක්ෂ භාණ්ඩාගාර ප්‍රකාශක Tim Wilson මහතා, Jim Chalmers මහතාව ධුරයෙන් ඉවත් විය යුතු බවටද ප්‍රකාශ කර සිටිනවා.