ඕස්ට්‍රේලියාවේ ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසකට ඉදිරි සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස හිමිවීමත් සමඟ දීර්ඝ සති අන්තයේ විවේකය භුක්ති විඳීමට අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ අනුව, ACT, New South Wales සහ South Australia යන ප්‍රාන්තවලට සඳුදා දිනයේදී Labour Day හෙවත් කම්කරු දිනය වෙනුවෙන් නිවාඩු හිමිවන අතර, Queensland ප්‍රාන්තයට King's Birthday වෙනුවෙන් නිවාඩුව හිමිවනවා. කෙසේ වෙතත්, Northern Territory, Tasmania, Victoria සහ Western Australia යන ප්‍රාන්තවලට සඳුදා දිනයේදී මෙලෙස නිවාඩුවක් හිමිවන්නේ නැහැ.

මේ අතර, එළඹෙන ඉරිදා අලුයම සිට ACT, New South Wales, South Australia, Tasmania සහ Victoria යන ප්‍රාන්තවල Daylight Saving Time ආරම්භ වන අතර, එදිනට ඔරලෝසු වේලාව පැයකින් ඉදිරියට තැබීමට කටයුතු කරනු ලබනවා. Northern Territory, Queensland සහ Western Australia යන ප්‍රාන්ත මෙම කාලගණන ක්‍රමවේදය අනුගමනය කරන්නේ නැහැ.