නැගෙනහිර ඕස්ට්‍රේලියානු කලාපය හරහා හමා යන දැඩි කුණාටු සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන්, Victoria ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
සිකුරාදා දිනයේදී Victoria හි මධ්‍යම සහ නැගෙනහිර ප්‍රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, Gippsland, North-East සහ Central Victoria කලාපවල ගංගා පිටාර ගැලීමෙන් සුළු හා මධ්‍යම මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි වාර්තා වන්නේ. මධ්‍යම කලාපයට සහ Gippsland වෙත 60mmසිට 150mm දක්වා වැසි අපේක්ෂා කරන අතර, ඇතැම් ප්‍රදේශවලට සඳුදා වන විට 200mm දක්වා තද වැසි පතිත විය හැකියි.
මේ අතර, පසුගිය දිනවල 40°Cට ආසන්න අධික උෂ්ණත්වයක් පැවති South Australia, Western NSW සහ Queensland ප්‍රදේශවල උෂ්ණත්වය මෙම කාලගුණ පද්ධතියත් සමඟ සැලකිය යුතු ලෙස පහළ බැස තිබෙනවා.
සිකුරාදා දිනය සඳහා වන ප්‍රධාන නගරවල කාලගුණ තත්ත්වය:
Sydney: උෂ්ණත්වය 18°Cත් 26°Cත් අතර. සවස සහ රාත්‍රියේ වැසි ඇතිවීමේ 70%ක සම්භාවිතාවක්.
Melbourne: උෂ්ණත්වය 11°Cත් 17°Cත් අතර. වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ 95%ක ඉහළ සම්භාවිතාවක්.
Brisbane: උෂ්ණත්වය 13°Cත් 26°Cත් අතර. වියළි සහ අව් රශ්මිය සහිත කාලගුණයක්.
Canberra: උෂ්ණත්වය 12°Cත් 19°Cත් අතර. තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ 100%ක සම්භාවිතාවක්.
Adelaide: උෂ්ණත්වය 12°Cත් 19°Cත් අතර. වැසි ඇතිවීමේ 90%ක සම්භාවිතාවක්.
Perth: උෂ්ණත්වය 10°Cත් 24°Cත් අතර. වියළි සහ යහපත් කාලගුණයක්.
Hobart: උෂ්ණත්වය 7°Cත් 16°Cත් අතර. වළාකුළු බර කාලගුණයක්.
Darwin: උෂ්ණත්වය 24°Cත් 34°Cත් අතර. වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ 30%ක සම්භාවිතාවක්.



