ඉදිරි 2027 වසරේ සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනය හමුවේ, ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාර අමාත්‍ය Jim Chalmers මහතාගේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රකාශ සම්බන්ධයෙන් පාලක Labor පක්ෂය තුළින්ම දැඩි විවේචන එල්ලවෙමින් පවතිනවා.
ඕස්ට්‍රේලියාවේ උද්ධමනය 4% දක්වා ඉහළ යාම සහ ඕස්ට්‍රේලියානු මහ බැංකුවේ පොලී අනුපාතිකය වසර 15 කට පසු 4.6% දක්වා වැඩිවීමත් සමග පාලක රජය දැඩි දේශපාලන අර්බුදයකට ලක්ව සිටිනවා. වසර හතරක් පුරා පැවති ආර්ථික අපහසුතාවන්ට Jim Chalmers මහතා ඉදිරිපත් කරන හේතු දැක්වීම් සහ ප්‍රකාශ දැන් ජනතාව අතර පිළිගැනීමට ලක්නොවන බවයි Labor පක්ෂයේ මැතිඇමතිවරුන් පවසන්නේ.
නවතම YouGov මත විමසුමකට අනුව, ඡන්දදායකයන්ගෙන් 64% ක් සහ නිවාස ණය ලබාගෙන ඇති පිරිසෙන් 71% ක්ම පවතින ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ රජය බවට චෝදනා කරනවා.
කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය Anthony Albanese මහතා මහතා සඳහන් කරන්නේ Jim Chalmers මහතාව ධුරයෙන් ඉවත් කිරීමේ අදහසක් නොමැති අතර, තමන් 2028 ෆෙඩරල් මැතිවරණය සඳහාද ඉදිරිපත් වන බවයි.



