ඕස්ට්‍රේලියාවේ වෙසෙන විවිධ සංක්‍රමණිකයන් තමන්ගේ පාරම්පරික රසකැවිලි සහ ආහාර වර්ග නිවසේදීම සකසා අලෙවි කිරීමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතිනවා.
Croatia, Balkan, Brazil, China සහ Palestine වැනි රටවල සිට පැමිණි පිරිස් තමන්ගේ නිවෙස්වල සිට Instagram සහ Facebook හරහා මෙම ආහාර වෙළඳාම සිදු කරනවා. ඔවුන් පවසන්නේ යාන්ත්‍රිකව නිෂ්පාදනය කරන ආහාරවලට වඩා, කැපවීමෙන් නිවසේදී සාදනු ලබන ආහාරවල පාරම්පරික රසය උපරිමයෙන් පවතින බවයි.
විශේෂයෙන්ම, වයස්ගත වීම නිසා තමන්ටම කෑම සාදා ගැනීමට නොහැකි වැඩිහිටියන්ට සහ කාර්යබහුල පවුල්වලට තමන්ගේ මව්බිමේ රසය මතක් කරදීමට මෙය ලොකු පිටිවහලක් වී තිබෙනවා. එමෙන්ම, මෙම ආහාර අලෙවිය හරහා අසල්වැසියන් සහ විවිධ සංස්කෘතීන් අතර හොඳ සබඳතාවක් මෙන්ම එකමුතුකමක්ද ගොඩනැගෙන බවයි ඔවුන් පවසන්නේ.
කෙසේ වෙතත්, නිවෙස්වල සකසන ආහාර අලෙවි කිරීමේදී සෞඛ්‍ය සහ ආහාර ආරක්ෂණ ප්‍රමිතීන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවට ඔස්ට්‍රේලියානු ආහාර ආරක්ෂණ බලධාරීන් මතක් කර සිටිනවා.



