South Australia හි වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයක වෙසෙන වැඩිහිටි කාන්තාවකට අයුතු ලෙස බලපෑම් කරමින් පහරදීමට උත්සාහ කළ හෙදියකගේ සේවය වසර දෙකක කාලයකට තහනම් කිරීමට පියවරගෙන තිබෙනවා.
Adelaide හි Craigmore හි පිහිටි මෙම මධ්‍යස්ථානයේදී 47 හැවිරිදි Su Jin Han නමැති හෙදිය විසින් ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන කාන්තාවගේ අතෙන් තදින් අල්ලා කවුන්ටරය දෙසට තල්ලු කරන අයුරු CCTV කැමරාවල සටහන්ව තිබුණා. එම අවස්ථාවේ පවතින දැඩි තෙහෙට්ටුව සහ අධික වැඩබර නිසා මෙම සිදුවීම වූ බව ඇය පිළිගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, South Australian Civil and Administrative Tribunal ආයතනය මගින් අදාළ වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව තීරණය කර ඇත්තේ අසරණ රෝගියෙකුට මෙලෙස බලය යෙදවීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. ඒ අනුව ඇයගේ හෙද ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.



