Melbourne හි north-west පෙදෙසේ පිහිටි Keilor හි නිවසක ගරාජයේ නවතා තිබූ මෝටර් රථයකට අද අලුයම 3ට පමණ ගිනි තබා විනාශ කර තිබෙනවා. Petrik Drive හි සිදුවූ මෙම ගිනි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර, සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි Victoria පොලිසිය සඳහන් කරන්නේ.
ඊයේ උදෑසන ආසන්නයේ පිහිටි Taylors Hill හි සිදුවූ අනෙක් ගිනි තැබීමේදී නව යොවුන් වියේ පසුවන පිරිමි ළමයෙකු දැඩි ලෙස ගිනිගෙන තුවාල ලබා දැනට රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ පසුවනවා.පැය 24ක් ඇතුළත Melbourne හි නාගරික ප්‍රදේශයක සිදුවූ දෙවන ගිනි තැබීම මෙයයි.
සිද්ධීන් දෙකටම සම්බන්ධ පලාගිය සැකකරුවන් සෙවීම සඳහා Victoria පොලිසිය පරීක්ෂණ පවත්වන අතර, තොරතුරක් තිබේ නම් Crime Stoppers වෙත ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



