ඕස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) විසින් මෙරට පොලී අනුපාතය 4.6% දක්වා ඉහළ නැංවීමත් සමග, ගෘහස්ථ ණය වාරික ගෙවා ගැනීමට අපහසු වී සිටින පිරිස් සඳහා මුල්‍ය විශේෂඥයින් විසින් සරල පියවර කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
මූල්‍ය විශේෂඥ Rachel Cole සඳහන් කළේ, පළමු පියවර ලෙස තම බැංකුව වෙත ඇමතුමක් ලබාදී පොලී අනුපාතය අඩු කරගැනීමට සාකච්ඡා කළ හැකි බවයි. එහිදී 0.1%ක හෝ අඩු වීමක් මගින් ඩොලර් දහස් ගණනක් ඉතිරි කරගත හැකි බව ඇය පෙන්වා දෙනවා.
එමෙන්ම Refinancing මගින් වෙනත් බැංකුවකට මාරු වීම, Offset Accounts නිසියාකාරව භාවිත කිරීම සහ අවශ්‍යතාවය අනුව Fixed Rate හෝ Interest-only ක්‍රමවේද වෙත යොමුවීම මගින් ද මෙම පොලී අනුපාත වැඩිවීමේ දැඩි බලපෑම පාලනය කරගත හැකි බවයි විශේෂඥයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.



