දිගු කාලීනව Bali ඇතුළු ඩෙංගු අවදානම සහිත විදේශ රටවල සංචාරය කරන සහ පදිංචියට යන ඕස්ට්‍රේලියානුවන්ට ඩෙංගු මර්දන එන්නත ලබාගන්නා ලෙස සෞඛ්‍ය විශේෂඥයින් උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම Qdenga නමැති ඩෙංගු එන්නත මේ වන විට ඕස්ට්‍රේලියාව තුළ ලබාගැනීමේ හැකියාව පවතින අතර, ATAGI ආයතනය පෙන්වා දෙන්නේ මීට පෙර ඩෙංගු වැළඳී ඇති පුද්ගලයින් මෙන්ම දීර්ඝ කාලීනව Indonesia, Thailand, India, Vietnam සහ Fiji වැනි රටවල පදිංචියට යන පිරිස් මෙම එන්නත ලබාගැනීම වඩාත් සුදුසු බවයි.

මීට පෙර ඩෙංගු වැළඳී ඇති අයෙකුට නැවත වරක් ඩෙංගු වැළඳීමෙන් දැඩි සංකූලතා හෝ ජීවිත අවදානමක් ඇතිවිය හැකි බැවින්, මෙලෙස එන්නත ලබාගැනීම මගින් ඉහළ ආරක්ෂාවක් හිමිවන බව විශේෂඥයින් වැඩිදුරටත් සඳහන් කරනවා.