2026 ඔක්තෝබර් 23 වනදා සිට London Gatwick (LGW) සහ Colombo Bandaranaike International Airport (CMB) අතර සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට British Airways පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙම එළඹෙන ශීත සෘතුව පුරාවටම සතියකට දින තුනක් Boeing 777 ගුවන් යානා යොදාගනිමින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වනු ඇති.
2015 වසරෙන් පසු British Airways විසින් Colombo මාර්ගයේ සිය ගුවන් සේවා ආරම්භ කරන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්. මෙම නව පියවරත් සමග Sri Lanka, UK සහ Europe අතර සංචාරකයින්ට වඩාත් පහසු ගමන් පහසුකම් සැලසෙන අතර, මෙරට ප්‍රමුඛ පෙළේ සංචාරක සහ surfing කලාප වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ අවස්ථාවද ඔවුන්ට හිමිවෙනවා.
මෙම සෘජු ගුවන් ගමන් සේවාව හරහා UK සිට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ඉහළ යාමෙන්, හෝටල්, සංචාරක නියෝජිතයින් සහ සංචාරක කර්මාන්තයට ආශ්‍රිත අනෙකුත් ව්‍යාපාරවලට විශාල පිටිවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඊට අමතරව oneworld alliance ප්‍රතිලාභ ඇතුළු ඉහළ මට්ටමේ ගමන් පහසුකම් රැසක් ද මගීන්ට හිමිවනු ඇති.
Sri Lanka හි British Airways වෙනුවෙන් General Sales Agent හෙවත් GSA ලෙස කටයුතු කරන්නේ Hayleys Aviation ආයතනයයි.
නිකුත් කර ඇති නවතම ගුවන් ගමන් කාලසටහන පහතින් දැක්වේ
BA 2045 | London Gatwick → Colombo
Departure: 17:30 | Arrival: 09:00 (+1) – Monday, Wednesday & Friday
BA 2044 | Colombo → London Gatwick
Departure: 11:00 | Arrival: 17:00 | Tuesday, Thursday & Saturday



