ලෝකයේ වාර්තා වන පිළිකා රෝගීන්ගෙන් අටදෙනෙකුගෙන් එක් අයෙකුටම සාමාන්‍ය වෛරස් සහ බැක්ටීරියා ආසාදන හේතුවන බව නවතම පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ආයතනය (IARC) මගින් සිදු කළ මෙම ගෝලීය සමීක්ෂණයට අනුව, 2024 වසරේදී වාර්තා වූ නව පිළිකා රෝගීන් මිලියන 2.3 කට ප්‍රධාන වශයෙන් වෛරස් 4 ක් සහ බැක්ටීරියාවක් බලපා ඇති බවයි සඳහන් වන්නේ.

ආමාශයික පිළිකා ඇතිකරන H. pylori බැක්ටීරියාව, ගැබ්ගෙල පිළිකා ඇතිකරන HPV වෛරසය මෙන්ම අක්මා පිළිකා ඇතිකරන Hepatitis B සහ C මෙලෙස පිළිකා හටගැනීමට ප්‍රධාන වශයෙන් හේතුවන බව පර්යේෂකයින් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, නියමිත වේලාවට එන්නත් ලබාගැනීම ,පරික්ෂණ මගින් ඉක්මනින් හඳුනාගැනීම සහ නිසි ප්‍රතිජීවක ඖෂධ භාවිතය මගින් මෙම ආසාදන නිසා ඇතිවන පිළිකා අවදානම සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට හැකියාව පවතින බව සෞඛ්‍ය විශේෂඥයින් පවසනවා.