ලෝක අමධ්‍යප දිනය අදට, එනම් ඔක්තෝබර් 03 වනදාට යෙදී තිබෙනවා.මද්‍යසාර සහ දුම්කොළ ඇතුළු මතද්‍රව්‍ය භාවිතය නිසා සිදුවන ශාරීරික, මානසික සහ ආර්ථික හානිය පිළිබඳව සමාජය දැනුවත් කිරීම සහ මතින් තොර සුරක්ෂිත හෙට දවසක් නිර්මාණය කිරීම මෙම දිනය සමරනු ලබන ප්‍රධාන අරමුණයි.

මත්ද්‍රව්‍ය භාවිතය නිසා වසරකට ලොව පුරා පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන අතර, පවුල් සංස්ථාවන් රැසක් බිඳවැටීමට ද එය සෘජුවම බලපානු ලබනවා.

මෙයට සමගාමීව දිවයින පුරා සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් අද දිනයේ වසා තැබීමට කටයුතු කර ඇති අතර, පාසල් සහ ප්‍රජා මට්ටමින් විවිධ දැනුවත් කිරීමේ සහ මත්ප්‍රචාරණ විරෝධී වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.