ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන Victoria ප්‍රාන්ත මැතිවරණයේදී Pauline Hanson ගේ One Nation පක්ෂයට හිමිවන ජනප්‍රියතාවත් සමඟ, ප්‍රාන්තයේ බලය තීරණය කිරීමේ තීරණාත්මක බලය එම පක්ෂය සතුවීමේ වැඩි ඉඩකඩක් පවතින බව වාර්තා වනවා.

වසර 12 ක Labor පාලනය පිළිබඳව ජනතාව තුළ පවතින මතභේදාත්මක තත්ත්වයත්, Liberal නායිකා Jess Wilson ප්‍රමුඛ Coalition සන්ධානය ඉදිරියෙන් සිටියත් ආසන බහුතරයක් දිනාගැනීමට පවතින අභියෝගයත් හමුවේ මෙවර මැතිවරණය ඉතා සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබෙනවා. ඡන්ද විමසුම්වලට අනුව Labor, Coalition සහ One Nation අතර ප්‍රධාන ඡන්ද පදනම බෙදී ගොස් ඇති බවයි පෙනී යන්නේ.

ප්‍රධාන පක්ෂ දෙක කෙරෙහිම ජනතාවගේ පවතින විශ්වාසය පළුදු වී ඇති පසුබිමක, One Nation පක්ෂය ලබන මෙම නැගීසිටීම ඉදිරි ඔස්ට්‍රේලියානු දේශපාලනයේ ඉදිරි ගමන තීරණය කරන ප්‍රධාන සාධකයක් වනු ඇති බවට දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා.