ඕස්ට්‍රේලියාවේ දීර්ඝ ග්‍රීෂ්ම ඍතුව වෙනුවෙන් හෙට අලුයම සිට Daylight Saving හෙවත් දිවා කාලයේ වේලාව වෙනස් කිරීමේ ක්‍රමය ආරම්භ වනවා. මේ අනුව අලුයම 2.00 ට ඔරලෝසු වේලාව පැයකින් ඉදිරියට තබා 3.00 ලෙස සටහන් කරගැනීමට නියමිතයි.
NSW, Victoria, Tasmania, South Australia සහ ACT යන ප්‍රදේශවල මෙම වේලා වෙනස සිදුවුවද, Queensland ප්‍රාන්තය මෙයට එකතු වන්නේ නැහැ.
මේ හේතුවෙන් NSW මායිමේ පිහිටි Tweed Heads සහ Queensland මායිමේ පිහිටි Coolangatta යන නගර දෙක එකිනෙකට යාබදව පැවතියද, නගර දෙකේ වේලාවන් පැයක වෙනසකින් ක්‍රියාත්මක වනවා. මෙම තත්ත්වය නිසා එම ප්‍රදේශවල පාරිභෝගිකයින්ගේ වේලාවන් වෙන්කරගැනීම මෙන්ම දෛනික ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාම දැඩි ගැටලුවක් වී ඇති බවයි වාර්තා වන්නේ.
Queensland සදහා ද මෙම වේලා වෙනස හඳුන්වා දෙන ලෙස Goldfields Coast හි නගරාධිපති Tom Tate ඉල්ලා සිටියද, ප්‍රාන්තය දෙකට බෙදීමට තමන් සූදානම් නැති බව පවසමින් Queensland අගමැති David Crisafulli එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.



