නූතන කාන්තාවන් තමන්ගේ අනාගත මාපිය සිහිනය සුරක්ෂිත කරගැනීම සඳහා ඩිම්බ ශීතකරණය කර තැබීමේ (Egg freezing) ප්‍රවණතාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.
වයසට යෑමත් සමඟ ඩිම්බවල ගුණාත්මකභාවය සහ ප්‍රමාණය අඩු වන බැවින්, වෘත්තීයමය හෝ පෞද්ගලික හේතූන් මත ප්‍රමාද වී දරුවන් ලබා ගැනීමට බලාපොරොත්තු වන කාන්තාවන් මෙලෙස තරුණ වියේදී තමන්ගේ ඩිම්බ ආරක්ෂිතව තැන්පත් කර තැබීමට පෙළඹෙනවා.
ඕස්ට්‍රේලියාවේ YourIVFSuccess දත්තවලට අනුව, වර්තමානයේ උපදින දරුවන් 16 දෙනෙකුගෙන් එක් අයෙකුම මෙවැනි සහායක පුනර්ජනනීය තාක්ෂණයන් හරහා උපත ලබා තිබෙනවා.
කෙසේ වෙතත්, ඩිම්බ ශීතකරණය කිරීමෙන් අනාගතයේදී ගැබ්ගැනීමක් පිළිබඳ සියයට සියයක සහතිකයක් ලැබෙන්නේ නැති බවත්, ඒ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බවත් විශේෂඥයින් පෙන්වා දෙනවා. එමෙන්ම, මෙලෙස ගබඩා කරන ඩිම්බ පසුව භාවිත නොකළහොත් ඒවා පරිත්‍යාග කිරීම හෝ ඉවත් කිරීම පිළිබඳව නීතිමය සහ සදාචාරාත්මක ගැටලු ද මතුවෙමින් පවතිනවා.



