Newcastle හි Newcastle Knights කණ්ඩායමේ Farewell උත්සවය සඳහා රැස්ව සිටි පිරිසක් අතරට මෝටර් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද උදෑසන 9.30 ට පමණ Wallsend හි Newcastle Link මාර්ගයේදී මෙම අනතුර සිදුවී ඇති අතර, තුවාල ලැබූවන් වෙනුවෙන් ගිලන්රථ 10 ක් සහ හෙලිකොප්ටර් යානා 3 ක් යොදවා ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ආරක්ෂක හේතූන් මත Newcastle Knights කණ්ඩායමේ බස් රථයේ ගමන් මාර්ගය ද වෙනස් කිරීමට කටයුතු කර තිබෙනවා.
මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් NSW අගමැති Chris Minns පවසා සිටියේ, තමන්ගේ ප්‍රියතම කණ්ඩායම වෙනුවෙන් එකතු වූ රසිකයින් පිරිසකට මෙවැනි දෙයකට මුහුණදීමට සිදුවීම ඉතා කණගාටුදායක බවයි.



