ඕස්ට්‍රේලියානු මාධ්‍ය කළ විමසීමකින් පසුව, නීති විරෝධී දුම්කොළ ප්‍රචාරණ ඇතුළත් ගිණුම් සහ පිටු ඉවත් කිරීමට Meta සමාගම පියවර ගෙන තිබෙනවා.

මහජන සෞඛ්‍ය පනතට අනුව සමාජ මාධ්‍ය හරහා දුම්කොළ ප්‍රචාරණය තහනම් වුවත්, පවතින නීතිමය පියවර ප්‍රමාණවත් නොවන බවයි Quit ආයතනයේ අධ්‍යක්ෂ Rachael Andersen මහත්මිය පවසන්නේ. Therapeutic Goods Administration (TGA) ආයතනය මගින් දැනටමත් පරීක්ෂණ 200 ක් සිදුකර, වෙබ් අඩවි 436 ක් තහනම් කර ඇති අතර, ඩොලර් මිලියන 1.51 ක දඩ මුදල් ද පනවා තිබෙනවා.

කෙසේ වෙතත්, මෙය සමස්ත ගැටලුවෙන් ඉතා කුඩා ප්‍රමාණයක් බවත්, මෙවැනි ප්‍රචාරණ මගින් දුම්පානය සාමාන්‍යකරණය වන බැවින් සමාජ මාධ්‍ය සමාගම් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ඇය අවධාරණය කරනවා. මේ අතර Australian government හි Department of Health, Disability and Ageing ආයතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, දුම්කොළ සහ e-cigarettes භාවිතය දිරිගන්වන ඕනෑම නීති විරෝධී ප්‍රචාරණයකට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි.