ඕස්ට්‍රේලියාවේ Northern Territory හි සිදුවූ පුහුණු අභ්‍යාසයක් අතරතුර ඕස්ට්‍රේලියානු යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් සෙබළුන් පස්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
Darwin නගරයේ සිට කිලෝමීටර 130ක් පමණ ගිනිකොන දෙසින් පිහිටි Mount Bundey පුහුණු ප්‍රදේශයේදී මෙම රථවාහන අනතුර සිදුවී ඇත්තේ පසුගිය සඳුදා පස්වරුවේයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, මියගිය සෙබළාගේ ඥාතීන් මේ වන විටත් ඒ පිළිබඳව දැනුවත් කර ඇති බවයි. එක්සත් ජනපද සහ සිංගප්පූරු සන්නද්ධ හමුදා සමග ද නිතර පුහුණු අභ්‍යාස පවත්වන මෙම Mount Bundey හමුදා කඳවුරේදී මීට පෙරද මෙවැනි අනතුරු වාර්තා වී තිබෙනවා.
මෙය මෙම වසර තුළ ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකායේ පුහුණු අභ්‍යාස අතරතුර සිදුවූ 6 වන මරණයයි.



