Melbourne ගුවන්තොටුපොළෙහි අලුතින් හඳුන්වා දුන් Pick-up සහ Drop-off කලාප සම්බන්ධයෙන් මගීන් ඉහළ තෘප්තිමත්භාවයක් පළ කර තිබෙනවා.
වසර 50කට අධික කාලයක් භාවිත කළ 1, 2 සහ 3 පර්යන්ත වෙත පිවිසෙන පිටවීමේ මාර්ගය ඊයේ රාත්‍රියේ වසා දැමූ අතර, ඒ වෙනුවට බහුමහල් රථගාල තුළ new Pick-up සහ Drop-off කලාපයක් ස්ථාපිත කර තිබෙනවා. Tullamarine අධිවේගී මාර්ගයේ සිට Naarm Way දෙසට ඇති නව පිටවීමේ මාර්ගය ඔස්සේ මගීන්ට මෙම ස්ථානයට පිවිසිය හැකියි.
ඩොලර් මිලියන 500 ක පිරිවැයකින් ඉදිකරන ලද මෙම ව්‍යාපෘතිය මගින් ගුවන්තොටුපළ පරිශ්‍රයේ පවතින අධික වාහන තදබදය සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බවයි Melbourne ගුවන්තොටුපොළෙහි බලධාරීන් පවසන්නේ. මෙහි පෙර පැවති ඉදිරිපස රථවාහන ප්‍රදේශය මෙන් තුන්ගුණයක වාහන නැවැත්වීමේ ඉඩකඩ පහසුකම් සලසා තිබෙනවා.
නව කලාපයේ සිට පර්යන්ත වෙත යාමට වැඩි දුරක් ඇවිදීමට සිදුවීම සම්බන්ධයෙන් වයෝවෘද්ධ සහ ආබාධ සහිත මගීන්ගෙන් ඇතැම් ගැටලු මතු වී තිබුණද, සමස්තයක් ලෙස මගීන් පවසන්නේ නව පහසුකම් පහසු සහ කාර්යක්ෂම බවයි.
ආබාධ සහිත මගීන් සඳහා රෝද පුටු සහ විශේෂ ප්‍රවාහන රථ පහසුකම් ලබාදී ඇති අතර, මගීන්ට අවශ්‍ය මඟපෙන්වීම් ලබාදීම සඳහා අමතර කාර්ය මණ්ඩලයක්ද යොදවා තිබෙනවා.
ගුවන්තොටුපළේ ප්‍රකාශක Andrew Lund සඳහන් කළේ, ඩොලර් බිලියන 4.5 ක වියදමින් සිදුකිරීමට නියමිත International Terminal ව්‍යාප්ති ව්‍යාපෘතිය සඳහා මෙම නව වෙනස්කම් බෙහෙවින් උපකාරී වන බවයි. මෙම නව කලාපය Qantas, Virgin Australia සහ International Flights මගීන් වෙනුවෙන් සේවාවන් සපයනු ලබනවා.



